අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිලිනොච්චියේ නව පාසල් ගොඩනැගිලි 28දා සිසු අයිතියට

    ජූලි 26, 2014
    කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ රුපියල් මිලියන 500ක කොරියානු ආධාර යටතේ ඉදිකරන ලද නව පාසල් ගොඩනැගිලි හා ගුරු නිවාස විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍ය  බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 2‍8දා සිදු කිරීමට නියමිතය.
     
    පාසල් 13ක පන්ති කාමර 105ක්, ක්‍රියාකාරී කාමර 13ක්, තනිකඩ ගුරු නිවාස 12ක් මෙම ආධාර යටතේ ඉදිකර තිබේ.
     
    ඒ අනුව අක්කරායන් කෝණාවිල් GTMS විදුහල, ධර්මපුරම් මහා විද්‍යාලය, පෙරියමන්තන් ආරු මහා විද්‍යාලය යන පාසල්වල කොරියන් ආධාර යටතේ ඉදිකළ නව ගොඩනැගිලි මෙසේ සිසු අයිතියට පත්කිරීමට නියමිතය. එම ආධාර යටතේ ඉදිකළ මුරුගානන්ද විද්‍යාල ගුරු නිවාසය විවෘත කිරීම ද මෙදින ම සිදු කරනු ඇත. 
     
     
    NDH/kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya