අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරණායක යළි ගොඩනැගෙන ජනජීවිතය සොයා බැලේ

    අප්‍රේල් 17, 2017

    අරණායක සාමසර කන්ද නාය යාම හේතුවෙන් ආපදාවට පත්වූවන්ගේ සුවදුක් සොයා බැලීම හා ඉදිරි කටයුතු පිළිබ සොයා බැලීමේ විශේෂ සංචාරයක් පසුගියදා සිදු කෙරිණි.

    කෑගල්ල දිසාපති තනතුරට පත්වූ චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ ප්‍රථම නිල රාජකාරීය ලෙස මෙම සංචාරය සිදු විය.

    මෙහි දී ආපදාවට පත්වූ ජනතාව සඳහා ඉදිකරමින් පවතින නිවාස වල ප්‍රගතිය සොයා බැලූ දිසාපතිවරයා ඉදිරි කටයුතු කඩිනම් කිරීමට  උපදෙස් ලබා දුන්නේය.

    මේ අවස්ථාවේ දී අදහස් දැක්වූ දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතා
    “ අරණායක සාමසර කන්ද නාය යාම හේතුවෙන් අහිමි වූ ජීවිත හැර අන් සියල්ල ජනතාවට ලබාදීම සඳහා රජය මගින් ක්‍රියාත්මක වැඩසටහන් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කෙරෙනවා. මෙම වැඩසටහන ජනාධිතිතුමන් හා අගමැතිතුමන් ප්‍රමුඛව රටේ සියලුම දෙනාගේ දායකත්වය හා මගපෙන්වීම ලැබී තිබීම සියලු දෙනාටම ශක්තියක්" යැයි ද පැවසීය.

    මෙම අවස්ථාවට අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ් එම් ෆයිසාල් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර ආපදාවෙන් පීඩාවට පත්වූවන්  පිරිසක් ද සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya