අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දඹුල්ල රෝහලේ මව්වරුන්ට බලපෑම් කිරීම ගැන පූර්ණ පරීක්ෂණයක්- මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමැති

    මාර්තු 08, 2017

    දඹුල්ල රෝහලේ වෛද්‍යවරියක් විසින් දරු ප්‍රසූතිය සඳහා පැමිණි මව්වරුන්ට උපත් පාලනය කර ගන්නා ලෙස බලපෑම් කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය ඔස්සේ සිදු කෙරුනු හෙලිදරව්ව පිළිබඳ විශේෂ පරික්ෂණයක් පවත්වන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍ය බන්දුල යාලේගම මහතා පවසයි.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (07) පැවති මධ්‍යම පළාත් සභා රැස්වීමේදී පළාත් ක්‍රීඩා අමාත්‍ය ප්‍රමිත තෙන්නකෝන් මහතා විසින් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    අදාළ සිද්ධිය ජනමාධ්‍ය ඔස්සේ වාර්තාවීමත් සමග ප්‍රධාන අමාත්‍යවරයා සමඟද තමන් සාකච්ඡා කළ බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු යෙදූ බව පෙන්වා දුන්නේය.

    ඒ සඳහා මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා දොස්තර ශාන්ති සමරසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම පරීක්ෂණය අවසන් වූ වහාම ඒ පිළිබඳ මධ්‍යම පළාත් සභාවේ සියලුම මන්ත්‍රිවරු දැනුවත් කරන බව ද සඳහන් කළේය.

    පරික්ෂණයෙන් පසුව යම් වරදක් වී ඇති බව හැගී යන්නේ නම් ඒ පිළිබඳ සුදුසු පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවද බන්දුල යාලේගම අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

    මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී. නිමලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් සභාව ඊයේ රැස් විය.

    මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya