කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා මහා විදුහලේ මීට වසර කිහිපයකට පෙර නායයාමට ලක් වූ ගොඩනැගිල්ල වෙනුවට රුපියල් කෝටි පහක විදමින් ඉදිකල නව සිව් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම , ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් හා විදුලි බල හා පුනර්ජනණීය බල ශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා සිදු කෙරිණි.
මෙම අවස්ථාවට සබරගමුව පළාත් සභා මන්ත්‍රී හර්ෂ සියඹලාපිටිය,කෑගල්ල ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු සභාපති ලිලාන් අමරකෝන්,විදුහල්පති මල්ලිකා රණසිංහ යන මහත්ම මහත්මීහු ඇතුළු පාසල් සිසුන් විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ.
AP/DMU-Kegalle