එමෙන්ම රාජ්‍ය භාෂා අමාත්‍යංශයට බදවා ගැනීම් කිරීමේදී සිංහල සහ දෙමළ ද්වීභාෂා හැකියාව ඇති අයදුම්කරුවන් පමණක් බදවාගැනීමට තීරණය කර ඇති බවත් අමාත්‍යාවරයා වැඩිදුරටත් පැවසීය. මධ්‍යම පළාතේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ වැඩසටහනකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.
ජාතිය, ආගම හා භාෂාව පදනම්කරගෙන රටේ ජන කොටස් අතර ප්‍රශ්න ඇති වීම වැලැක්වීමට කටයුතු කරන බවත්, රටේ භාෂා ප්‍රශ්නය විසදු විට ජාතීන් අතර සංහිදියාවට ඇති බාධක ඉවත් වන බවත් අමාත්‍යාවරයා මෙහිදී පැවැසීය. අන්තවාදී කොටස් වැරදි චිත්‍ර මවාපෑම නිසා ජාතීන් අතර සුහදත්වයට බාධා එල්ලවන බවත් සිංහල දෙමළ මුස්ලිම් ජාතීන් වශයෙන් නොව ශ්‍රී ලාංකිකයින් වශයෙන් ඉදිරියට යාමේ යුගය උදාවී ඇති බවත් අමත්‍යවරයා පෙන්වා දෙන ලදී.
රජයේ ආයතන වලින් සේවය ලබා ගැනීමට පැමිණෙන සේවාලාභීන්ගේ පහසුව උදෙසා ඉදිරියේදී රාජ්‍ය ආයතනවලට දෙවන භාෂාව සදහා භාෂා පරිවර්තකයන් බදවා ගැනීමට කටයුතු කරන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා නීතියක් රෙගුලාසියක් වශයෙන් නොසලකා යුතුකමක් වශයෙන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසද පැමිණ සිටි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල විසින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණු අතර පළාත් ප්‍රධාන ලේකම් නිමල් පේමවංශ මහතා ඇතුලු රාජ්‍ය නිලධාරින් රැසක් මෙම අවස්ථාවට සහභාගි විය.
AP/DMU-Kandy