අංශ 17ක් යටතේ පවත්වන ලද මෙම තරගාවලිය සඳහා පළාතේ පේෂකර්මාන්ත ආයතන 65ක් නියෝජනය කරමින් කාර්මිකාවන් සහ උපදේශිකාවන් දහසක් පමණ ඉදිරිපත් වී තිබිණි.
මෙම තරගාවලිය පෙතම්පිලි, මල්බාන ලද, වර්ණ සංයෝජන, මංගල, ඩොබි, ජැකාඩ්, දුම්බර සහ පල්ලු ඇතුළු සාරි වර්ග හා පිරිමි සහ කාන්තා නිම් ඇදුම් යන කාණ්ඩ යටතේ පවත්වනු ලැබීය.
තරගවලියට ඉදිරිපත්වූවන් සඳහා සහතික පත්‍ර හා මුල්‍ය ප්‍රදානයන් ද සිදු කරනු ලැබීය.
මෙම අවස්ථාවට කර්මාන්ත කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස සහ පළාත් අමාත්‍ය රංජිත් බණ්ඩාර, විපක්ෂ නායක ඩබ්. සෝමදාස සහ පළාත් සභා මන්ත්‍රී ආනන්ද මිල්ලංගොඩ යන මහත්වරු එක්ව සිටියහ.