ජනාධිපතිතුමා විසින් කන්තලේ වන රක්ෂිතයේ කලූවර පැලයක් සිටුවා රුක් රෝපණ වැඩසටහන සංකේතවත් කළ අතර ඒ හා සමගාමීව පාසල් දරුවන්ල පොලිසියල ත්‍රිවිධ හමුදාවල සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් හෙක්ටයාර් 02 ක පමණ භූමි භාගයක පැල 2000 ක් පමණ සිටුවීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක විය.
අනතුරුව පාසල් දරුවන් සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ පාසල්වල පවතින අඩු පාඩු පිළිබදව ද විමසා බැලීය.
විපක්ෂනායක ආර්.සම්බන්ධන්, අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරාල, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අනුරාධ ජයරත්න, සුසන්ත පුංචිනිලමේ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු, ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරිහූ මීට එක්ව සිටියහ.