නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරණායක විපතට පත්වූවන්ට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන මගින් නිවාස

    ඔක්තෝබර් 23, 2016
    අරණායක නායයෑම හේතුවෙන් නිවාස අහිමි වු ප්‍රජාව වෙනුවෙන් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මගින් ආරක්ෂිත නව නිවාස ඉදිකිරීම මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතින බව සබරගමුව පළාත් සභාව සඳහන් කරයි.
     
    ඒ යටතේ මහීපාල හේරත් ජනසහන පදනම හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය එක්ව ඉදිකෙරෙන නව නිවාසයේ වැඩ ආරම්භ කිරීම පසුගියදා අරණායක අඹදෙනියවත්ත වසන්තගම දී සිදු විය.
     
    මෙදින ආරම්භ කළ නව නිවහන සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකෙරේ.
     
    මීට මහීපාල හේරත් ජනසහන පදනම රුපියල් දසලක්ෂ පනස්දහසක් ද, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය රුපියල් එක් ලක්ෂ පනස්දහසක් ද ලබා දී ඇත.
     
    මීට අමතරව අරණායක අඹදෙනියවත්ත, වසන්තගම ආශ්‍රිත නිවාස රැසක් රාජ්‍ය නොවන සංවිධාන මැදිහත්ව මේ වන විට ඉදි වෙමින් පවතියි.
     
    මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත්, අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසේඩ්.ඒ.එම්.ෆයිසර් සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ ධම්මික සමරවික්‍රම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya