ආපදා හේතුවෙන් මියගිය ධීවර කාර්මිකයන්ගේ පවුල්වල උරුමකරුවන් සඳහා වන්දි ප්‍රදානයක් සිදු කළ ප්‍රථම අවස්ථාව මෙය වේ.
පුත්තලම දළුව ප්‍රදේශයේදී පැවති සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ සමුපකාර සමිතියේ 39 වැනි වාර්ෂික මහා සම්මේලනයේ දී මෙම වන්දි ප්‍රදානය සිදු කෙරිණි.
මෙහිදී ස්වභාවික ආපදා හේතුවෙන් මියගිය ධීවර කාර්මිකයන් තිදෙනෙකුගේ උරුමකරුවන් 12 දෙනෙකුට වන්දි මුදල් හිමි විය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව් . එම්.එම්. අධිකාරි, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් අබ්දුල් මජිඩ්, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ක්‍රිස්ටි ලාල් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.