නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “Sri Lankan Food Festival” අද සිට

    ඔක්තෝබර් 14, 2016
    කෘෂිකර්ම අමාත්‍යාංයේ දීප ව්‍යාප්ත ගොවි සතියට සමගාමීව ජාතික ආහාර ප්‍ර‍වර්ධන මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලබන “Sri Lankan Food Festival” ආහාර ප්‍ර‍දර්ශනය සහ ගොවි නිපැයුම් වෙළඳපොළ අද (14) පස්වරු 4.00ට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක සහ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහත්වරුන්ගේ ඇතුළු මැති ඇමතිවරුන්ගේ ප්‍ර‍ධානත්වයෙන් ආරම්භ වේ.
     
    මෙම ප්‍රදර්ශනය හෙට (15) සහ අනිද්දා (16) යන දිනවලදී ද කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ දී සහ ග්‍රීන් පාත් හිදී පැවැත්වෙන අතර ප්‍රදර්ශනය පෙ.ව 10.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත ව පවතී.
     
    මෙම ප්‍ර‍දර්ශනයේ දී  දේශීය ආහාර ප්‍ර‍දර්ශන, සුපිරි හෝටල්, ආහාර පිළිබඳ විශේෂ සම්මන්ත්‍ර‍ණ, අධ්‍යාපනික වැඩසටහන්, විනෝද කලාප, සංගීත සංදර්ශන ඇතුළු විශේෂ අවස්ථා රැසකට සහභාගීවීමට අවස්ථාව උදාවේ.
     
    ප්‍ර‍දර්ශනය මහජනයාට විවෘත අතර කිසිදු ඇතුල්වීමේ ගාස්තුවකින් තොරව මෙම ප්‍ර‍දර්ශනය නැරඹීමට හැකිය. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya