නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආගමික සිද්ධස්ථාන නගාසිටුවීම සඳහා සබරගමුව පළාත් සභාවෙන් විශේෂ ව්‍යාපෘතියක්

    ඔක්තෝබර් 13, 2016
    රත්නපුර සහ කෑගල්ල  දිස්ත්‍රික්ක දෙකේ ආගමික සිද්ධස්ථාන නඟාසිටුවීම සඳහා සබරගමුව පළාත් සභාව මගින් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි.
     
    එම ව්‍යාපෘතියට අදාළ මුදල් චෙක්පත් ප්‍රදානය පසුගියදා පළාත් ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ ප්‍රදානත්වයෙන්  රත්නපුර සමුදි උත්සව ශාලාවේ දී පැවැත්විණි.
     
    මෙම ව්‍යාපෘතිය යටතේ වැසීයාමේ තර්ජනයට ලක්වූ සහ අති දුෂ්කර ග්‍රාමීය ආගමික සිද්ධස්ථාන නඟාසිටුවීම ක්‍රියාත්මකය.
    මේ යටතේ බෞද්ධ සිද්ධස්ථාන මෙන්ම සෙසු ආගමික ස්ථාන නඟාසිටුවීමට ද කටයුතු කරයි.
     
    මෙම අවස්ථාවට පළාත් අමාත්‍යවරුන් වන භාණු මුණිප්‍රිය, රංජිත් බණ්ඩාර ඇතුළු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු, පළාත් ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න සහ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් බී.එම්.පී.එන්. බෙලිගම්මන යන මහත්වරු සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya