රාජ්‍ය සේවයේ හා පෞද්ගලික අංශයේ රැකියාවන්හි නියුතු වූවන් සහ විශේෂයෙන් දෛනික රැකියාවන්හි නිරත වතු ආශ්‍රිත ජනතාව ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිණි. සතියේ දිනවල තම රාජකාරි අවශ්‍යතා ඉටුකර ගැනීමට ඔවුන්ට පවතින අපහසුතාව සලකා සති අන්ත දිනෙක මෙම විශේෂ කඩිනම් සේවාව පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් රවීන්ද්‍ර ජයනාත් මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක මෙම වැඩ සටහන සදහා සහකාර ප්‍රාදේශිය ලේකම් නදීකා දිල්හානි මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය, පිටබැද්දර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලු ම ක්ෂේත්‍ර නිලධාරීන්, පිටබැද්දරට අයත් ග්‍රාම නිලධාරී වසම් 19 හි ග්‍රාම නිලධාරීන් දායකත්වය දැක්වූහ.
සතියේ දිනවල තම රාජකාරි අවශ්‍යතා ඉටුකර ගැනීමට අපහසු විශාල පිරිසක් මෙදින තම රාජකාරි ඉටුකරගත්හ.
AP/DMU-Matara