නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලුණුගම්වෙහෙර ප්‍රදේශයට රුපියල් ලක්ෂ 300ක වියදමින් වී ගබඩාවක්

    ඔක්තෝබර් 12, 2016
    රුපියල් ලක්ෂ 300ක වියදමින් වී මෙට්‍රික් ටොන් 1500ක් ගබඩා කිරීමේ පහසුකමින් සමන්විතව ලුණුගම්වෙහෙර, සීන්මුන්න ප්‍රදේශයේ ඉදිකෙරෙන නව වී ගබඩා සංකීර්ණයට මුල්ගල් තැබීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දින සිදු කෙරිණි.
     
    ලක්ෂ 300ක වියදමින් ඉදිකෙරෙන මෙම වී ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය මුදල් දිස්ත්‍රික් ලේකම්වරයා වෙත ලබාදෙන අතර ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නියමිත ටෙන්ඩර් පටිපාටි අනුගමනය කොට ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කොට කොන්ත්‍රාත්කරුවා තෝරාගැනීම සිදු කෙරේ.
     
    මෙහිදී මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් ප්‍රථමයා වූ සිතිජ නිරාන් සමරවික්‍රම සිසුවා ඇගයීම ද සිදු විය. මෙම සිසු දරුවා වෙනුවෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් ලබා දී ඇති අතර එම දරුවාගේ පියාට ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ ස්ථීර රැකියාවක් ලබාදීමට ද ඉදිරියේ දී කටයුතු කරන බවට ද අමාත්‍යවරයා පොරොන්දු වී ඇත.
     
    ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශයේ හා වී අළෙවි මණ්ඩලයේ සහයෝගයෙන් මෙම නව වී ගබඩා සංකීර්ණය ඉදිකිරීම සිදු කෙරේ.
     
    පැරණික්‍රමයට ගොවියා යටපත්කරගෙන තබා නොගත යුතු බවත් ඔවුන්ගේ නිෂ්පාදන සීඝ්‍රයෙන් වැඩිකිරීමට නව තාක්ෂණය උපයෝගී කරගත යුතු බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා යහපාලන රජයේ අරමුණ සැමදාමත් රට එක මඩ වගුරක හිරකර තැබීම නොවන බවද මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya