නගර සංවර්ධනයේ දී සැලකිලිමත් වියයුතු ප්‍රධාන කාරනා මත දෙනියාය නගරය සංවර්ධනය කළ යුතු අතර ම මූලික අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් නගරය සංවර්ධනය කළ යුතු වේ.
දෙනියාය ප්‍රදේශයේ පවතින පාරිසරික තත්ත්වය මෙම සංවර්ධනයේ දී විශේෂ අවධානයට යොමු වන අතර මහජනතාවට වඩාත් පහසුවෙන් තම අවශ්‍යතා ඉටුකරගතහැකි ආකාරයෙන් නගරය සංවර්ධනය කිරීම සිදු කෙරේ.
මෙහිදී මොරවක සහ පිටබැද්දර උප නගර සංවර්ධනය කිරීමට ද ඉලක්ක කර ඇති අතර ඉදිරි සංවර්ධන සැලැස්ම සඳහා පල්ලේගම , කොටපොළ සහ බෙරලපනාතර යන උප නගර ද ඊට ඇතුලත් කර ගැනේ.
මෙම තොරතුරු අනාවරණය වූයේ පසුගිය දින දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදීය. මෙම සාකච්ජාවට දක්ෂිණ සංවර්ධන මණ්ඩලයේ සභාපතිතුමන්, නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, අදාල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකා පොලීසිය සහ ප්‍රාදේශීය දේශපාලඥයන් ඇතුලු පිරිසක් සහභාගී සහභාගි වී සිටියහ.