මෙවර ලෝක අපනයන සංවර්ධන සමුළුවේ තේමාව වී ඇත්තේ "Trad for success:cconnect'Compete Change" යන්නයි.
මේ යටතේ වත්මන් වෙළඳපොළ තුළ පවතින තරගකාරීත්වය, නව වෙළඳපොළවල් සහ වාණිජ සාර්ථකත්වය වැනි කරුණු ගැන විශේෂ අවධානයක් යොමුවනු ඇත. එමෙන්ම මෙය රාජ්‍ය හා පෞද්ගලික අංශය මෙන්ම ආයෝජන මණ්ඩලයද එකිනෙක යා කරන සුවිශේෂී වාණිජමය ඉසව්වක් ලෙස හැඳින්විය හැකි වේ.
2016 ලෝක අපනයන සංවර්ධන සමුළුව ඇමතීම සඳහා ලෝකයේ ප්රමුඛ පෙළේ සමාගම් හා සංවිධාන නියෝජනය කරමින් කැපීපෙනෙන ආරාධිත දේශකයන් පිරිසක් සහභාගී වීමට නියමිත ය.
එමෙන්ම ප්රමුඛ පෙළේ දේශීය ව්‍යාපාර නියෝජනය කරමින් රටේ ඉදිරිපෙළ ව්‍යාපාරිකයෝ රැසක් ද මීට සහභාගී වෙති.