වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03 ක පවුල් 696 ක පුද්ගලයින් 2,921 ක් පීඩාවට පත්ව ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සදහන් කරයි. මේ අනුව කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 54 ක පුද්ගලයින් 165 ක් ද, ගලිගමුව කොට්ඨාසයේ පවුල් 435 ක පුද්ගලයින් 1,610 ක්ද, රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 107 ක පුද්ගලයින් 926 ක් පීඩාවට පත්ව ඇත. AP/DMU- Kegalle