නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "දැයේ උරුමය දරුවන්ටයි" පුරාවිද්‍යා ප්‍රදර්ශනය

    ඔක්තෝබර් 04, 2016
    ̔දැයේ උරුමය දරුවන්ටයි යන තේමාව යටතේ  පුරාවිද්‍යා ප්‍රදර්ශනයක් හා පුරාවිද්‍යා ප්‍රකාශන අලෙවිසැලක් බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල වෙලේකඩේ පැරණි වෙළඳ මධ්‍යස්ථානයේදී පසුගියදා පැවැත්විණි.
    ඌව පළාත් පුරාවිද්‍යා සහකාර කොමසාරිස් කාර්යාලය මගින් සාහිත්‍ය මාසයට සමගාමීව සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය හා පොත් අලෙවිසැලෙහි මූලික අරමුණ වූයේ අපේ ඉපැරණි පුරාවිද්‍යා උරුමයන් පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමයි.
     
    පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාගේ උපදෙස් පරිදි ඌව පළාත් පුරාවිද්‍යා සහකාර කොමසාරිස් ඉනෝකා බාලසූරිය මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කර තිබුණි.
     
    AP/DMU-Badulla
     
      
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya