ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියකදී බන්ධනාගාර ආයතනයක් විසින් ජාතික මට්ටමේ ප්රථම ස්ථානයක් දිනාගත් ප්රථම අවස්ථාව මෙය වේ. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මඟින් පවත්වන ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලියේදී මීට පෙරද වර්ෂ 2010/2011 ට අදාළව ජාතික මට්ටමේ තෙවන ස්ථානය හා 2012/2013 හා 2014 වර්ෂයන්හි දෙවන ස්ථානද බදුල්ල බන්ධනාගාරය විසින් හිමි කරගෙන ඇත.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී.ධනසිංහ මහතාගේ උපදෙස් හා බදුල්ල බන්ධනාගාර අධිකාරී සුදත් රෝහණ ගලප්පත්ති මහතාගේ මඟ පෙන්වීම මත ප්රධාන ජේලර් එච්.එම්.පී.හෙන්නායක මහතා ඇතුළු සමස්ථ නිලධාරීන්ගේ කැපවීමෙන් මෙම ජයග්රහණය ලබාගැනීමට බදුල්ල බන්ධනාගාරය සමත්විය.
AP/DMU-Badulla