නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිදහස් ගිලන්රථ සේවය ගම්පහටත්

    සැප්තැම්බර් 19, 2016
    ඉන්දීය රජය මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන ලද නිදහස් ගිලන්රථ සේවය ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීම  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු විය. 
     
    මෙහිදී ගිලන් රථ 16ක් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා සඳහා ලබාදීම සිදු විය.
     
    මෙහි පළමු පියවර ලෙස මාතර දිස්ත්‍රික්කය සඳහා ගිලන්රථ ලබාදුන් අතර දෙවන පියවර ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වේ. 
     
    මෙහිදී අදාල ගිලන්රථ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන (පොලිස් වසම්) සඳහා අනුයුක්ත කෙරෙන අතර දුරකථන මගින් 1990 අංකයට ඇමතීමෙන් ගිලන්රථ සේවය නොමිලයේ ලබා ගැනීමේ හැකියාව පවතී.
     
    මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන ජෝන් අමරතුංග, අර්ජුන රණතුංග, ආචාර්ය හර්ෂද සිල්වා, රන්ජන් රාමනායක මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya