ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.
මෙම ණය පියවාගැනීම සඳහා ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව විසින් ණය සහනයක් ලබාදීමට ද මේ වන විට එකඟත්වය පළ කොට ඇතැයි කී අමාත්‍යවරයා ඉදිරියේ දී පෞද්ගලික රෝහල්වල පවතින පහසුකම් අනුව මිල ගණන් ප්‍රතිශෝධනය කිරීමට පියවර ගන්නා බවත් අති විශාල පිරිවැයක් දැරීමට සිදුවන ශල්‍යකර්ම සඳහා ආදායම් තත්ත්වය අනුව සහනයක් ලබාදීමට ද සාකච්ඡා කරන බව කීය.
දුම්කොළ නිෂ්පාදන අත්හිටුවීම පිළිබඳ ව මාධ්‍ය වේදියෙකු නැඟු පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ තමන් දුම්කොළ සමාගම්වලට එරෙහිව කටයුතු කිරීම නිසා ඔවුන්ට ඊට විරුද්ධ කටයුතු කිරීම මේ වන විට ආරම්භ කොට ඇති බවත් ඉදිරියේ දී පෞද්ගලික රෝහල් විසින් ම එවන් විරෝධතාවක් තමන් වෙත එල්ලවීමට නියමිත බවත්ය.
එමෙන් ම එම නිෂ්පාදනවලින් රටට අදායමක් ලැබෙනවාද නැද්ද යන්න නොව ඉන් රටට සිදුවන හානිය බැලිය යුතු බවත් කීය.
සාම්පූර් ගල් අඟුරු බලාගාරය හරහා පරිසරයට සිදුවන හානිය පිළිබඳ ව පරිසර සංවිධාන විසින් පෙන්වාදීමෙන් අනතුරුව ඔවුන් ජනාධිපතිවරයා හමුවට ඉදිරිපත් කළ බවත් ඒ අනුව පසුගිය ඉන්දීය සංචාරයක දී ජනාධිපතිතුමා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව නිල මට්ටමින් සාම්පූර් ගල් අඟුරු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු නතර කිරීමට පියවර ගත් බවත්ය. එමෙන් ම ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ කිසිඳු ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමට කටයුතු නොකරන බවත් ඒ වෙනුවට සූර්යය බලය වැනි ක්‍රමයක් වෙත නැඹුරවීමට කටයුතු කරන බවත් පෙන්වා දුනි.
ඉන්දීය ගිලන් රථ සේවය සම්පූර්ණයෙන් ම නොමිලේ සපයන බවත් ඒ සඳහා වන ඉන්ධන මෙන් ම සේවා සැපයීම වෙනුවෙන් රජයට යම් වියදමක් දැරීමට සිදු ව ඇති බවත් පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම ගිලන් රථ හදිසි ප්‍රතිකාර ලබාදීමේ පහසුකම්වලින් සම්පූර්ණ වන බවත් වැඩිදුරටත් පෙන්වා දුනි.