නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝ නොවන රෝග වැඩිවීම සංවර්ධනය වන රටකට අභියෝගයක්

    සැප්තැම්බර් 09, 2016
    ශ්‍රී ලංකාවේ වැඩිපුරම දක්නට ලැබෙන්නේ බෝ නොවන රෝග බවත් සංවර්ධනය වෙමින් පවතින රටකට එය විශාල අභියෝගයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය පුනම් චෙට්‍රපල් සිං (Dr. Poonam Khethrapal Singh) මහත්මිය පැවසීය.
     
    අධ්‍යක්ෂිකා සිං මහත්මිය මේ බව ප්‍රකාශ කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය 69වැනි කමිටු සැසිවාරය අවසානයේ අද (09) කොළඹ ගෝල්ෆේස් හෝටලයේ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වෙමිනි.
     
    බෝ වන රෝගවලින් ඉදිරියෙන් සිටින ලංකාවට බෝ නොවන රෝග තුරන් කිරීමට නොහැකි වී තිබෙන්නේ කුමක් නිසා ද යන්න ප්‍රශ්නයක් බවත් පෙන්වා දුන් වෛද්‍ය සිංග් මහත්මිය මෙරට සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපයේ මහජන සෞඛ්‍ය පිළිබඳ විශිෂ්ටතා සම්මානය රටක නායකයෙකුට මෙන් ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලැබීම අද්වතීය කාර්යයක් බවත් පෙන්වා දුනි.
     
    මෙම සැසිවාරයේ දී අග්නිදිග ආසියානු කලාපයෙන් මැලේරියා තුරන් කිරීම, බරවා රෝගය තුරන් කිරීම හා මාතෘ හා ළමා පිටගැස්මෙන් නිදහස් වීම යන කරුණු 03 සඳහා ශ්‍රී ලංකාව වෙත සම්මාන 03ක් ලැබුණු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ජිනීවාහිදී ශ්‍රී ලංකාවේ බෝ වන රෝග, බෝ නොවන රෝග තුරන් කිරීමට ගන්නා පියවර මෙන් ප්‍රතිශක්තීකරණය සම්බන්ධයෙන් ගන්නා වූ පියවර සම්බන්ධයෙන් නිරන්තර අවධානය යොමු කරන බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya