නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලවාන නගරයට අංග සම්පුර්ණ බස් නැවතුම්පොළක්

    සැප්තැම්බර් 08, 2016
    කලවාන නගරය කේන්ද්‍ර කරගනිමින් වෙළෙඳ මධස්ථාන ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පුර්ණ බස් නැවතුම්පොළක් ඉදි කෙරේ.
     
    එහි ඉදිකිරීම් කටයුතු පසුගිය දා පළාත් මහ ඇමති මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
     
    සබරගමු පළාත් සභාව මගින් ඉදිකෙරෙන මෙම බස්නැවතුම්පොළ සඳහා රජය වැය කරන මුළු මුදල රුපියල් ලක්ෂ 380කි.
    වෙළෙඳ කුටි 25කින් මෙම වෙළෙඳ මධස්ථානය සමන්විත වේ.
     
    එකවර බස් රථ 30ක් නවතා තැබීමේ පහසුකම් සහිත මෙම කලවාන නව බස් නැවතුම්පොළ ඉදිකිරීමට සබරගමු පළාත් සභාව කටයුතු කර ඇත. දිනකට මෙම බස් නැවතුම්පොළ වෙත බස් රථ 300ක් පමණ පිටත්වීම සහ ළඟාවීම සිදු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya