“වෘත්තීය සහසම්බන්ධතාවය තුළින් ආරක්‍ෂිත දේශයක්” (Professional Integration for a Secure Nation) යන තේමාව යටතේ සංවිධානය වන මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශනය නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් සිදුකිරීමට නියමිතය.
ආරක්‍ෂක හා උපක්‍රමික අධ්‍යනය, ඉංජිනේරු ක්‍ෂේත්‍රය, නිර්මිත පරිසර සහ අවකාශ විද්‍යාව, තොරතුරු තාක්‍ෂණය ,වෛද්‍ය විද්‍යාව වැනි විවිධ විෂය ක්ෂේත්‍ර නවයක් ඔස්සේ ඉදිරිපත් කිරීම් සහ දේශන සැසිවාර ගණනාවක් පැවැත්වෙන මෙම සම්මන්ත්‍රනය තුළදී තෝරාගත් පර්යේෂණ නිබන්ධන විශාල ප්‍රමාණයක් ද ඉදිරිපත් කිරීමට නියමිතය.
ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව ඇතුළු රටවල 13ක් නියෝජනය කරමින් ආරාධිත දේශකයන් 40ක් ඇතුළු දේශීය විද්වතුන් 300කට අධික ප්‍රමාණයක් මෙවර 2016 සම්මන්ත්‍රණය සඳහා සහභාගීවීමට නියමිතව ඇත.