නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල පවුල් 1500ක් සඳහා නිවාස ණය

    සැප්තැම්බර් 05, 2016
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 1500ක් සඳහා "සැමට සෙවණ - විසිරි නිවාස ණය" පිරිනැමීම සහ තරුණ තරුණියන් 250ක් "ශිල්ප සවිය" වැඩසටහනට බඳවාගනිමින් ඔවුන්ට වෘත්තීය උපකරණ කට්ටල ප්‍රදානය කිරීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල වැහැර නව නගර ක්‍රීඩාංගණයේ දී සිදු විය.
     
    දිසාපතිවරු, ප්‍රාදේශීය ලේකම්වරු මෙන් ම ජාතික නිවාස අධිකාරියේ තාක්ෂණික නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් වැනි බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරීන් ඒකරාශි කරගෙන දිස්ත්‍රික් මට්ටමින්, උප දිසාපති කොට්ඨාස මට්ටමින්, ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් හා කුඩා ගම්මාන මට්ටමින් දත්ත එක්රැස් කිරීමේ කටයුතු සිදු කරන බවත් එම තොරතුරුවලට අනුව ගැටලු හඳුනාගෙන නිවාස වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
     
    2025 දී සැමට සෙවණ වැඩසටහන ඉලක්ක ගතව සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් කලා ගම්මාන, වෙද ගම්මාන, මාධ්‍යවේදී ගම්මාන, රාජ්‍ය සේවක ගම්මාන, යොවුන් ගම්මාන ආදී සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය වන පරිදි උදා ගම්මාන වැඩසටහන නිර්මාණය වී තිබෙන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස අවශ්‍යතාවලින් පෙළෙන 162,000ක් පවුල්වල ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya