අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) උදෑසන කොළඹ 10, මාලිගාවත්ත, දරුස්සලාම් පාසලේ සිව් මහල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීමේ උත්සවයට එක්වෙමිනි.
උත්සව සභාව ඇමතූ අධ‍්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ ඉතිහාසයේ ප්‍රථම වරට පාසල් 7,000ක් වැනි විශාල පාසල් සංඛ්‍යාවක් එකවර සංවර්ධනය කිරීමට ‘ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහන යටතේ තෝරාගෙන ඇති බවත් එසේ තෝරාගත් පාසල්වලට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා රුපියල් මිලියන 63,750 ක මුදලක් ද ඇස්තමේන්තුගත කර ඇති බවයි.
මෙම වැඩසටහනට අයත් පාසල් සංවර්ධනය කිරීමේ කටයුතු පළාත් සභා හරහා ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දෙන බවත් මෙම සියලු කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අධීක්ෂණය කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම උත්සව අවස්ථාවට මුදල් අමාත්‍ය රවී කරුණානායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් සහ පළාත් අධ්‍යාපන නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.