2016 වසරේ මැයි මස දිස්ත‍්‍රික්ක 22 කට බලපෑ ගංවතුර හා නායයෑම් තත්ත්වයේ දී හදිසි ආපදා තත්ත්වයක දී අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ජංගම රෝහල් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දායකත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාගන්නා ලදි. එම පරිත්‍යාගවලට අමතරව පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණවල වටිනාකම රුපියල් මිලියන 80 කි.
මෙම වෛද්‍ය සැපයුම් හා උපකරණ අංග සම්පුර්ණ ජංගම රෝහල් 04කින් යුක්ත වේ. එම ජංගම රෝහල්වල කායික වෛද්‍ය උපකරණ, ශල්‍ය වෛද්‍ය උපකරණ, ශීත කළ බහාලුම් යන්ත‍්‍ර, රෝහල් ගෘහ භාණ්ඩ සහ රෝගී සත්කාරක සේවාවන් සඳහා අත්‍යාවශ්‍ය උපකරණ රැසක් ද ඇතුළත් වෙයි. මෙම ජංගම රෝහල් ජලය, විදුලිය හා සනීපාරක්ෂක සේවාවන්ගෙන් ද පරිපූර්ණ වෙයි.
තවද කාන්තා හා ළමා සෞඛ්‍ය සායන සඳහා අවශ්‍යවන උපකරණ කට්ටල 52ක් ද, ධූමායන යන්ත‍්‍ර 50ක් ද, බෝට්ටු 03ක් ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙහිදී පරිත්‍යාග කරන ලදි.
ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි ආපදා පෙර සුදානම හා ප‍්‍රතිචාර පිළිබඳ අවධානයක් යොමු කරනු ලබයි. එම නිසා බෝවන රෝග වැළැක්වීම සඳහා විශේෂ පුහුණුවක් ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරට නිලධාරීන් 50 කට ලබාදී ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ. සියඹලාගොඩ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ‍්‍රී ලංකා නේවාසික නියෝජිත ඡෙකබි කුමරේෂන්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි අනතුරු හා පෙර සුදානම් ඒකකයේ අධ්‍යක්ෂ එචි.බී. හේරත් මහත්වරු ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.