නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩක් නිම වූ ව්‍යාපෘති නිම කිරීමට කැබිනට් අනුමැතිය

    අගෝස්තු 28, 2016

    අර්ධ වශයෙන් අවසන් කර ඇති ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය පසුගිය දා හිමි විය.


    ඒ අනුව අදාළ ප්‍රදේශවල මහජනතාව වෙත ප්‍රතිලාභ සැලසීමේ අරමුණින්, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කෙරෙන, දැනට අතරමඟ නැවතී ඇති, බත්තරමුල්ල පොල්දූව අතුරු මාර්ගය ඉදි කිරීම, ඉමදූව නගරයේ කාණු පද්ධතිය වැඩිදියුණු කිරීම, තංගල්ල හා අඟුණුකොළපැලැස්ස වෙළෙඳ සංකීර්ණ ඉදි කිරීම සහ මිද්දෙණිය නගර සංවර්ධන වැඩසටහන යනාදී ව්‍යාපෘති අවසන් කිරීමට නියමිතය.

    එසේම හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කෙරෙන ලුණුගම් වෙහෙර හා වලස්මුල්ල බස් නැවතුම්පොළවල් ඉදි කිරීම යන ව්‍යාපෘති සම්පූර්ණ කිරීම ද සිදු වේ. ඒ  සඳහා අවශ්‍ය රුපියල් මිලියන 516.8ක ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස සහ එම ව්‍යාපෘතිවල ඉතිරි කාර්යයන් මුල් කොන්ත්‍රාත්කරුවන් ලවාම නිම කරවා ගැනීම ද මෙහිදී සිදු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya