නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාය යෑම් පිළිබදව ජනතාව දැනුවත් කෙරේ.

    අගෝස්තු 24, 2016
    කදුකර ප්‍රදේශ වල ජිවත් වන ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් , නාය යෑම් පිළිබදව පුර්ව සංඥා හා සලකුණු ගැන අවබෝධයක් තිබිය යුතු  බවත් ජාතික ගොඩනැගිලි පරියේෂණ සංවිධානයේ කෑගල්ල දිස්ත්‍රික් ප්‍රධානී ලක්සිරි ගුණතිලක මහතා පවසයි.
    ඒ මහතා මෙම අදහස් දැක්වුයේ  අරනායක නාය යෑම හේතුවෙන්  අවතැන් පුද්ගලයින් දැනුවත් කරමින්  අරනායක දිප්පිටිය මල්ෂා විහාරස්ථානයේදී පැවති දැනුවත් කිරිමේ වැඩ සටහනක් අමතමින්ය. 
     
    ජල උල්පත් මඩ සමග මතුවීම, බොර වතුර මතුවීම, කදුකර ප්‍රදේශ වල තිබෙන ළිං සිදි යෑම, ගස් කන්ද දෙසට ඇල වීම, නිවෙස් වල හා පොළෙවේ පැළුම් ඇතිවීම ආදිය නාය යෑමකට  පෙර තිබෙන පුර්ව ලක්ෂණ ලෙස පෙන්වා දිය හැකිය. 
     
    කන්දක් උඩ තිබෙන ගස් ,ගල්, පස් සියල්ල කඩාගෙන පහළට ඒම නාය යෑමක්  ලෙස හදුන්වන්න පුළුවන්. සමසර ප්‍රදේශයෙත් වුයේ එයයි.  මේ තත්වය ඇති වීමට අදාල ප්‍රදේශයේ භූ විද්‍යාත්මක තත්වයත් බලපානවා. අනවශ්‍ය කලබල  වීම තුළින් වෙනත් ආපදා තත්වයන්ද ඇතිවන්න පුළුවන්. මේ ගැන අපට හොද අවධානයක් තිබිය යුතුයි. 
    අවිධීමත් ලෙස ඉඩම් පරිහරණයද නාය යෑම් වලට හේතුවක් වෙනවා. විශේෂයෙන් මිනිස් ක්‍රියාකාරකම් රැසක්  මෙවැනි ආපදා වලට බලපෑම් ඇති කරනවා.  උස් බිම් වල ජලය රදා තිබීම කදු කර තැන් වල නිවාස හා වෙනත් සංවර්ධන කටයුතු සිදු කිරීම ආදිය ද   අහිතකර මිනිස් ක්‍රියා කාරකමක් ලෙස දැක්විය හැකි බවද ඒ මහතා පැවසීය. 
     
    AP/DMU- Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya