නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුලත්කොහුපිටිය විපතට පත් වුවන්ට මුදල් ආධාර

    අගෝස්තු 22, 2016
    පසුගියදා ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හානියට පත් නිවාස වෙනුවෙන් ආපදා කලමණාකරණ අමාත්‍යංශය විසින් මුදල් ප්‍රදානය කිරීම පසුගියදා බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කෙරුණි. 
    වර්ෂාව හේතුවෙන් නිවාස 52 කට හානි සිදු වී ඇති අතර ප්‍රථම වටයේ හය දෙනෙකුට රුපියල් දසදහස බැගින් ප්‍රතිලාභ ගෙවීම සිදු කෙරිණි.
     
    එම අවස්ථාවට විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් පෙරේරා  හා බුලත්කොහුපිටිය වැඩ බලන ප්‍රාදේශීය ලේකම් ඉංදික ලියනගේ යන මහත්වරුන් සහභාගි වූහ.
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya