ඒ මහතා මෙම අදහස් ප්‍රකාශය කලේ බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පසුගියදා නායයාමෙන් අවතැන් වූ හා ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී දරුවන්ට පාසල් උපකරණ සමග පාසල් බෑග් ලබාදීමේ උත්සවය සහභාගි වෙමිනි.
මෙහි දී තවදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා කෑගල්ල දිස්ත්‍රික්කයේ රජයේ පාසල් 500 ක් තියෙනවා. ඉන් 14ක් පමණයි ජාතික පාසල්. අනෙක් ඒවා පළාත් සභා පාසල්. පළාත් සභාවට අයිති එම පාසල් වලට ගුරුවරු නෑ.එහෙම තියෙද්දී පළාත් සභාව කලේ එම පාසල්වල මානව හා හෞතික සම්පත් ලබාදීම වෙනුවට මුරකරුවන් හා කම්කරුවන් බදවා ගැනීමයි.කෑගල්ල දිස්ත්‍රික්කයේ පසුගිය වසරේ සාමාන්‍ය පෙළ 48% ක් ගණිතය අසමත්. ජනවාරි අට වන දින මේ රටේ ජනතාව නිහඩ විප්ලයක් මගින් ඉල්ලුවේ ඉර,හද,තාරකා නොවෙයි. නීතියේ ආධිපත්‍යය,සාධාරණ සමාජයක්. අපිට හැකි වුනා.ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට, කොමිසම් සභා පත්කිරීමට,නීතියේ ආධිපත්‍යය සුරැකීමට,තොරතුරු දැනගැනීමේ පනත සම්මත කිරීමට,ජනාධිපති තනතුරේ විධායක බලය අඩු කර ව්‍යවස්ථාදායකයේ බලය වැඩි කිරීමට, සමෘද්ධි හා මහපොළ දීමනා වැඩි කිරීමට කටයුතු කරනු ලැබුවා.
රටේ සම්පත් සියලු දෙනාටම බෙදීයාමේ ක්‍රමවේදයක් රජය අනුගමනය කරනවා. ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට එක් මැතිවරණ කොට්ඨාසයකින් ව්‍යවසායකයන් දහස බැගින් නගා සිටුවීමට කටයුතු කරනවා.පසුගිය දිනවල නායයාම් නිසා ව්‍යාපාර අහිමි වූවන් වෙනුවෙන් සහන ලබාදිමට කටයුතු කරනවා යයි ද පැවැසීය.
මෙම පාසල්බෑග් හා උපකරණ වටිනාකම රුපියල් එක් දහස් දෙසීයක් පමණ වෙයි. එවැනි බෑග් 517 ක් පමණ බෙදා දෙන ලදී.
මෙම අවස්ථාවට එස්.ඕ.එස් ගම්මානයේ ජාතික අධ්‍යක්ෂ ආනන්ද කරුණාරත්න,වැවිලි මානව භාරයේ සභාපති වී.පුත්‍රසිගාමනී යන මහත්වරු ද සහභාගි වී සිටියහ.
AP/DMU -Kegalle