නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2016 ඡන්ද හිමි නාමලේඛන ආකෘති පත්‍ර සම්පූර්ණ කිරීමේ කාලය දීර්ඝ කරයි

    අගෝස්තු 21, 2016
    2016 වසර සඳහා ඡන්ද හිමි නාමලේඛන ආකෘති පත්‍ර සම්පූර්ණ කිරීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා අගෝස්තු මස 26 වන දින තෙක් කාලය ලබාදීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
     
    මේ වසරේ ඡන්ද හිමි නාමලේඛනය සඳහා ගෙයින් ගෙට ගොස් සිදුකළ සංගණන කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර එහෙත් මෙතෙක් ඡන්ද හිමි නාමලේඛන ආකෘති පත්‍ර රැසක් බාරදීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා මෙලෙස තවදුරටත්  අවස්ථාව ලබා දී තිබේ.
     
    ඊට අදාළ ආකෘති පත්‍රය මැතිවරණ කොමිසමේ වෙබ් අඩවියට පිවිසීමෙන් බාගත කරගත හැකි අතර සම්පූර්ණ කළ අකෘති පත්‍ර ග්‍රාම නිලධාරීවරයාගේ නිර්දේශය ද සහිත ව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ මැතිවරණ කොමිසමේ මහලේකම් කාර්යාලයට බාරදිය යුතුය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya