නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රහලෝකාගාරයෙන් රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරක්

    අගෝස්තු 21, 2016
    පොදු මහජනතාවගේ තාරකා විද්‍යා දැනුම වර්ධනය කිරීම උදෙසා රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරක් පැවැත්වීමට ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය කටයුතු සලසා ඇත. සෑම මසකම අවසන් සිකුරාදා දිනයන්හි පැවැත්වෙන මෙම කඳවුරෙහි පළමු කඳවුර අගෝස්තු 26දා ආරම්භ වේ.
     
    මෙම රාත්‍රී අහස නිරීක්ෂණ කඳවුරු ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර භූමියෙහි ප.ව. 7.00 සිට ප.ව. 10.00 දක්වා මහජනතාව වෙනුවෙන් නොමිළේ පවත්වනු ලැබේ. මෙහි පළමු වැඩසටහන  පැවැත්වේ.
     
    කාලගුණ තත්වය අයහපත් වුවහොත් එදින වැඩසටහන අවලංගු විය හැකි බව කරුණාවෙන් සලකන්න.
     
    මෙම වැඩසටහන් පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට 0112 586 499 හෝ 0772 723 283 යන දුරකථන හා සම්බන්ධ වීමෙන් ලබාගත හැකිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya