මෙම හානියට පත් නිවාස සඳහා පූර්ණ වන්දි ගෙවීමට මත්තෙන් කඩිනමින්, මූලික වන්දි මුදලක් ලබා දෙන්නැයි ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව, මෙම මුදල් කඩිනමින් ලබා දීමට එකී අමාත්‍යාංශය මේ වන විට සියළු පියවර ගෙන ඇත.
මේ අනුව, හානියට පත් නිවෙස් සඳහා මූලික වන්දි මුදල් ගෙවීම යටතේ කලවාන, ඇලපාත, නිවිතිගල, කිරිඇල්ල, කුරුවිට, ඇහැළියගොඩ, රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල චෙක්පත් ලාභීන්ට චෙක්පත් බෙදා දීම 2016-08-15 වන දින පෙ.ව.10.00 ට රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවනාගාරයේ දී ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතාගේ සහභාගිත්වයෙන් සිදුකිරීමට කටයුතු යොදා ඇත.
තව ද පැල්මඩුල්ල,කහවත්ත,ගොඩකවෙල,ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල චෙක්පත් ලාභීන්ට චෙක්පත් බෙදා දීම 2016-08-15 දින ප.ව.2.30ට දින කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ද, බළංගොඩ, වැලිගෙපොළ සහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල චෙක්පත් ලාභීන්ට චෙක්පත් බෙදා දීම 2016-08-16 දින පෙ.ව.10.00 ට බළංගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ද, ඇඹිලිපිටිය සහ කොළොන්න ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල චෙක්පත් ලාභින්ට චෙක්පත් බෙදා දීම 2016-08-16 දින ප.ව.12.00 ට ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද සිදු කෙරෙන බව ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් සුනිල් ලීලානන්ද මහතා රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයට පැවසීය.
AP/DMU-Ratnapura