ගාල්ල අලුත්වල වෘත්තීය පුහුණු ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන බර වාහන බර යන්ත්‍ර රියදුරන් පුහුණු කිරීමේ පාඨමාලාව අවසන් කළ තරුණයන් වෙත සහතික ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේය.
"තරුණ පිරිස වැඩි වශයෙන් එවැනි අංශවලට යොමු කරවීම ඉතා හොඳ කාර්යයක්. ලංකාවේ පමණක් නොවෙයි විදේශ රැකියා වෙළෙඳ පොලේ බර වාහන සඳහා ඉල්ලුමක් තිබෙනවා. එක පැත්කින් මේකට හැකියාව තිබෙන, කැමැත්ත තිබෙන තරුණ පිරිසට මේක හොඳ අවස්ථාවක් වෙනවා හොඳ ආදායම් මාර්ගයකට පාර කපාගන්න" යැයි ද පැවසුවේය.
වෘත්තීය පුහුණු අධිකාරිය මගින් නේවාසික පුහුණුවක් ලෙස මාසයක් පුරා පැවැත්වෙන බර වාහන බර යන්ත්‍ර රියදුරු පුහුණුව සඳහා උතුරු - නැගෙනහිර ඇතුළු දිවයිනේ සෙසු ප්‍රදේශවලින් ද තරුණයින් සහභාගී වේ. මෙම පුහුණුව ලැබූ තරුණයින් හට දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් රැකියා වෙළද පොළෙහි විශාල ඉල්ලුමක් පවතින අතර ඒ සඳහා ඉහල වැටුප් තල පිහිටුවා ඇත. මෙවර සහතික හා ත්‍යාගලාභී කණ්ඩායම තරුණයන් 35කින් සමන්විතය. මේ වන විට කණ්ඩායම් 30ක් පුහුණුව ලබා පිටවගොස් ඇති අතර ඔවුන් වෙත හිමිවූ පුහුණුව සඳහා රජය විසින් මූල්‍ය ප්‍රතිපාදන ලබාදී ඇත. ඒ අදාළ ප්‍රාදේශීය ලේකම් විසින් එම පුහුණුව සඳහා ඉල්ලුම් කරනු ලබන තරුණයා අඩු ආදායම්ලාභියකු බවට සහතික කළ පසුව දිවි නැගුම වැනි වැඩසටහනක් හරහා එම පුහුණුවට අදාළ මුදල වෘත්තීය පුහුණු අධිකාරිය වෙත ලබාදෙනු ඇත. මෙම පාඨමාලාවෙහි කළමණාකාර අධ්‍යක්ෂ වන්නේ රවීන්ද්‍ර තුෂාන් මහතාය.
මෙම සහතික පත් ප්‍රදානය සඳහා වෘත්තීය පුහුණු අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ විමලසිරි විදානගමගේ, වෘත්තීය පුහුණු අධිකාරියේ මඩකලපුව දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ නලීන්, ගෝනපිණුවල ප්‍රාදේශීය ලේකම් ප්‍රියන්තා දිසානායක මහත්ම මහත්මීහු ඇතුලු පිරිසක් ද එක්වූහ.