නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සබරගමුවේ ප්‍රජාවට “යෝග” ව්‍යායාම

    අගෝස්තු 07, 2016
    රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකෙහි පාසල් දරුදැරියන් ඇතුළු ප්‍රජාව අතර “යෝග” ව්‍යායාම  ප්‍රචලිත කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරයි.
    මේ යටතේ පළාතේ පාසල් දරුදැරියන්, රාජ්‍ය සේවකයන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
     
    ඒ අනුව යෝග ගුරුජී ජය කුමාර් මහතා යටතේ  පළාතේ ගුරුභවතුන් සඳහා ත්‍රෛමාසික පූර්ණ කාලීන පුහුණුවක් ලබා දීමට කටයුතු කරයි. වරකට ගුරුභවතුන් 200ක් මේ සඳහා බඳවා ගන්නා අතර, එම  ගුරුභවතුන් මාර්ගයෙන්  සබරගමුව පළාතේ පාසල් දරුදැරියන්  සඳහා යෝග ව්‍යායාම ප්‍රචලිත කෙරෙනු ඇත.
     
    මීට අමතරව පළාතේ රාජ්‍ය ආයතන හා තරුණ ප්‍රජාව සඳහා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව  යෝග ව්‍යායාම පුහුණු කිරීමට ද සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇත. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya