නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර උපාය මාර්ගික නගර සංවර්ධන සැලැස්මේ ප්‍රගතිය විමසා බැලේ

    අගෝස්තු 01, 2016
    මහනුවර නගර සංවර්ධනය අරමුණු කරමින් ක්‍රියාත්මක මහනුවර උපාය මාර්ගික නගර සංවර්ධන සැලැස්මේ ප්‍රගතිය හා ඉදිරි සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සම්බන්ධයෙන් විශේෂ  සාකච්ඡාවක් මහනගර  හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 8 වෙනි පෙ.ව. 8.30ට  මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පැවැත්වීමට  කටයුතු යොදා ඇත. 
    මහනුවර  නගරය කේන්ද්‍රකර ගනිමින්  මහනගර  හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ‍මේ වන විට  සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කොට ති‍බේ.  ඒ යටතේ මහනුවර මහයියාව කටුගස්තොට හරහා දිගන දක්වා වු මාර්ගය, මහනුවර ධර්මාශෝක මාවත, ලුවි පීරිස් මාවත ආදී මාර්ග සංවර්ධන කටයුතු දැටනමත් ආරම්භ කොට තිබේ. එමෙන්ම ජල සම්පාදන මණ්ඩලය මගින් විශේෂ ව්‍යාපෘතින්ද, මාර්ග සංවර්ධන අධිකාරිය මගින්  මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක්ද ක්‍රියාත්මක කෙරේ.  
     
    මෙම ප්‍රධාන  ව්‍යාපෘතිවලට අමතරව මහනුවර නගරය හරහා ගලා බසිනා මැද ඇල සංවර්ධනය කිරීම ඇතුළු මහනුවර නගර‍ය කේන්ද්‍ර කරගනිමින්  ඉදිරියේදී සිදුකිරීමට  සැලසුම් කර ඇති  ව්‍යාපෘති සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට  ලක්කිරීමට නියමිතය.  
     
    මෙම අවස්ථාවට  මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමැතිවරුන් රැසක්ද සහභාගි වීමට නියමිතය. 
     
    AP/DMU-Kandy
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya