බුලත්සිංහල පලතුරු ගම්මානය තුළ පමණක් මැංගුස් වගා කිරීම සිදුවන අතර ඉතිරි වතුවල කටු අනෝදා වගාකිරීම සිදුකෙරේ.
මෙම පලතුරු ගම්මාන 04 සඳහා ගොවි මහතුන් 22 තෝරා ගෙන ඇති අතර එක් ගම්මානයක පලතුරු පැල 900 ක් වගා කෙරේ.
ගොවීන් සඳහා පැල සැපයීම හොරණ කනන්විල පලතුරු භෝග සංවර්ධන ස්ථානය මගින් සිදුකරන අතර බීජ හා බද්ධ යන දෙවර්ගයම පැල සැපයිම සිදුකෙරේ.
පලතුරු ගම්මාන වැඩසටහන යටතේ ගොවීන් පුහුණු කිරිම හා මෙහෙය වීම බස්නාහිර පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම කාර්යාලය සිදුකරනු ලබන අතර දිස්ත‍්‍රික් කෘෂිකර්ම කාර්යාලය මගින් වැඩසටහන අධීක්ෂණය කෙරේ.
AP/DMU-Kalutara