කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ළමා ලේකම් කාර්යාලය, දකුණු පළාත් සභාව හා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන මෙම වැඩ සටහනට ගාල්ල දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු රැසක් සහභාගී වීමට නියමිතය.
මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනය වෙනුවෙන් රාජ්‍ය, රාජ්‍ය නොවන සහ පෞද්ගලික අංශයේ ආයතන රාශියක් විවිධ වූ කාර්යයන් ඉටු කරයි. එහෙත් මුල් ළමාවිය වැදගත්කම පිළිබඳ තවමත් ප්‍රජාව තුළ මෙන් ම රාජ්‍ය නිලධාරීන් තුළද පුළුල් අවබෝධයක් නොමැතිව බව පෙනී ගොස් ඇත. එම නිසා මුල් ළමාවිය සංවර්ධන සතියක් ප්‍රකාශයට පත් කිරීම තුළින් මුල් ළමා විය රැකවරණය හා සංවර්ධනයේ ඇති වැදගත් කම සහ එය අනාගතය ආයෝජනයක් බවට පුළුල් ප්‍රචාරයක් ලබා දීම මගින් අවබෝධ කිරීමට සැලැස්වීම මෙහි අරමුණ වේ.
ඒ යටතේ දැනට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මගින් ස්ථාපිත කර ඇති ජාතික, පළාත්, දිස්ත්‍රික් , ප්‍රාදේශීය සහ ග්‍රාමීය මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන පිළිබඳ සම්බන්ධීකරණ කමිටු සහ මුල් ළමා විය සංවර්ධන ජාලයේ සාමාජිකයින් සියළු දෙනා එක්ව වැඩසටහන් මාලාවක් දියත් කර ඇත.
AP/DMU-Galle