මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 13ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කොට ඇති අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ වනවිට ඩෙංගු යැයි සැකකරන රෝගීන් 1,597ක් වාර්තා වී ඇති බවත් ඉන් අටදෙනෙකු මරණයට පත්ව ඇති බවත් දිස්ත්‍රික් වසංගත රෝග වෛද්‍ය සමීර හේවගේ මහතා මෙහිදී අනාවරණය කළේය.
ඩෙංගු වසංගතය ව්‍යාප්තියෙන් මහනුවර දිස්ත්‍රික්කය 6 වෙනි ස්ථානයේ සිටින අතර මෙම තත්වය අවම කරගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පැවසීය.
මහනුවර දිස්ත්‍රික්කයේ ඩෙංගු මැඩීම සදහා ධුමායන කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍ර පළාත් පාලන ආයතන මගින් නොමිලේ ලබා දීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා විසින් මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරයා වෙත උපදෙස් දෙන ලදී.
AP/DMU-Kandy