නියමු ව්‍යාපෘතියක් ලෙස දිගන-මහනුවර හා කඩුගන්නාව - මහනුවර යන මාර්ග දෙක හා ඒ සම්බන්ධ අතුරු මාර්ගද ඇතුළත් වනසේ මෙම නව බස්රථ සේවය ජුනි මස 20වෙනි දින සිට ක්‍රියාත්මක කරන බව මධ්‍යම පළාත් මගී ප්‍රවාහන අමාත්‍ය එදිරිවීර වීරවර්ධන මහතා පැවැසීය.
මොරටුව විශ්ව විද්‍යාලය හා එක්ව මෙම නව බස්රථ සේවය හදුන්වා දී ඇති අතර නව ක්‍රමය තුළින් බස්රථ අතර තරගකාරිත්වයක් ඇති නොවේ. බස් රථවලින් ලැබෙන ආදායම ධාවනය කරන ලද දුර ප්‍රමාණය අනුව තීරණ වේ.
නව ක්‍රමවේදයත් සමඟ මෙම බස් රථ සදහා සී.සී. ටී.වි පද්ධතියක්,ජී,පී,එස්, තාක්ෂණය, දුරකථන හා ඉලෙක්ට්‍රෝනික් ටිකට් පත් නිකුත් කිරිමේ පහසුකම් හිමිවේ.
බස් රථ අධික්ෂණය කිරීම සදහා මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පියවරගෙන ඇති අතර මෙම නව වැඩ පිළිවෙල සදහා බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් මේ වන විටත් පුහුණු කොට තිබේ.
මහනුවර දිගන බස් රථ සේවය දුම්බර බස් ලයින් ලෙසත් මහනුවර කඩුගන්නාව බස් රථ සේවය දෙනුවර බස් ලයින් ලෙසත් නම් කොට තිබේග මෙම නියමු ව්‍යාපෘතිය සඳහා මෙම මාර්ග දෙකට අදාළ බස් රථ 355ක් නව බස් රථ සේවය සදහා සම්බන්ධ නව ක්‍රමවේදය ක්‍රියාත්මක වීමත් සමඟ බස් රථ අතර ඇතිවන අනවශ්‍ය තරඟය ඉවත් වීම, රාත්‍රි කාලයේ දීපවා නියමිත වේලාවට බස්රථ ධාවනය කිරීම,මාර්ග තදබදය අවම වීම, විශේෂයෙන් මාර්ග අනතුරු අවම වීම වැනි ප්‍රතිලාභ රැසක් මෙම නව සේවාවෙන් ජනතාවට හිමිවන බව අමත්‍යාවරයා පැවැසීය.