පොලොන්නරුව ගල් අමුණ ව්‍යාපාරයට අයත් මල ඔය ආරක්‍ෂිත බැම්ම සංවර්ධනය කිරීම සඳහා වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට අද (04) දා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ගල් අමුණ ප්‍රදේශයේ ගංවතුරින් හානියට පත්වන කුඹුරු සදහා මෙම ආරක්‍ෂිත බැම්ම ඉදි කෙරෙන අතර මේ සඳහා රුපියල් මිලියන් 7ක මුදලක් වැය කිරීමට නියමිතය. අපදා කළමනාකරණ අමාත්‍යංශය යටතේ මේ සඳහා මුදල් වෙන් කර තිබේ.
මෙම අවස්ථාවට වාරි මාර්ග රාජ්‍ය අමාත්‍යංශ ලේකම් කපිල ජයසේකර, පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස්.සේනානායක, යන මහත්වරුන් ඇතුළු ගොවීන් විශාල පිරිසක් එක්ව සිටියහ.