නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලෙන් ඩෙංගු රෝගීන් 685 දෙනෙක්

    ජූනි 28, 2016

    කැගල්ල දිස්ත්‍රික්කයේ මේ වන විට ඩෙංගු රෝගීන් 685 දෙනෙක් වාර්තා වී ඇති බව කෑගල්ල වසංගත රෝග විද්‍යාඥ  සුජීව බණ්ඩාර මහතා පවසයි.

     
    වැඩිම රෝගීන් පිරිසක් මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වාර්තා වී ඇති අතර එය 217 දෙනෙක් වන අතර කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් ඩෙංගු මර්ධන  කමිටුවේ ඒ මහතා මේ බව සඳහන් කළේය.

     

    කෑගල්ල  ප්‍රදේශීය  සෞඛ්‍ය නිලධාරී  කොට්ඨාසයෙන් 82 ක්ද , දෙහිඕවිට කොට්ඨාසයෙන් 60ක්ද , රඹුක්කන කොට්ඨාසයෙන් 55 ක්ද , වරකාපොල හා යටියන්තොට කොට්ඨාසයෙන්  42 ක බැගින්ද ,  රුවන්වැල්ල කොට්ඨාසයේ 26 ක්ද , දරණියගල කොට්ඨාසයේ 21 ක්ද  , ගලිගමුව කොට්ඨාසයේ  ඩෙංගු රෝගීන් 18 ක් යනාදී  වශයෙන් හඳුනාගෙන් තිබෙන බව ඒ මහතා පෙන්වා දුන්නේය.

     

    ඒ මහතා ප්‍රකාශ කළේ මේ වන වට මරණ කිසිවක් වාර්තා වී නොමැති බවයි.


    මෙම අවස්ථාවට එක් වු කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසූරිය මහතා පවසා සිටියේ ඩෙංගු මර්ධන කටයුතු සෞඛ්‍ය  අංශවල නිලධාරීන්ට පමණක් තනිව කළ නොහැකි බවත් , ඒ සඳහා සෙසු ප්‍රජාවේ සහයෝගය ලැබිය යුතු බවත්ය.

    මේ අවස්ථාවට ප්‍රදේශි ලේකම්වරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්  රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

     

    DMU_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya