මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා, 2020 වන විට වර්තමානයේ කම්කරු ශ්‍රේණියේ නිලධාරියෙක් ලබන රු 11,730 ක මූලික වැටුප අපේ පොරොන්දුවක් මත 2020 වන විට රු 24,230ක මූලික වැටුපක් බවට පත්වේ. එය තෘප්තිමත් රාජ්‍ය සේවයකට හොඳ ප්‍රවණතාවක්. මෙරට පුරවැසියන්ගෙන් 11/1ක් රාජ්‍ය නිලධාරියෙක්. ඒ වගේම එක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ක්ෂේත්‍ර නිලධාරීන් 70-80 අතර ප්‍රමාණයක් සේවයේ යෙදෙනවා. නමුත් මොවුන් ක්‍රමවත්ව හා කාර්යක්ෂමව යොදා ගැනීම දුර්වල වී තිබෙනවා.
මෙම වැඩසටහන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් පළාත් මට්ටමෙන් ක්‍රියාත්මක කරනු ලබන අතර දකුණු පළාතේ මෙම වැඩසටහන එහි පස් වන අදියරයි.
මේ අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යංශයේ ලේකම් ජේ. දඩල්ලගේ මහතා ,ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු දකුණු පළාතේ රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් සහභාගී වී සිටියහ.
AP/DMU-Galle