බලාපොරොත්තු වූ ආකාරයට 45.8% ක ප්‍රගතියක් පුරන් කුඹූරු අස්වැද්දීමෙන් ලබා ගෙන ඇති බවත් අර්තාපල් , පළතුරු සහ එළවළු ආදියේ පසුගිය මාස කිහිපය තුළ නියඟයට සාපේක්ෂව සාර්ථක ප්‍රතිපල ලබා ඇති බව දකුණු පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා පැවසීය.
එමෙන් ම හෙක්ටයාරයකට අඩු රබර් වගාව සඳහා රු 5,000ක සහනාධාර ලබා දීමේ වැඩපිළවෙල මේ වන විට ක්‍රියාත්මක වන අතර පොහොර සහනාධාරයට අදාල මුදල් සියල්ලම බැංකු ගත කර ඇත. ඒ අනූව හෙක්ටයාර් 8,176ක ප්‍රමාණයක ගොවීන් 18,687ක් සඳහා මිලියන 104.103 ප්‍රමාණයක් බැරකර ඇත. නමුත් ගොවීන් 624 ක වැනි සුළු ප්‍රමාණයක් පමණක් ගොවිතැන් කටයතු ආරම්භ කිරීම ගැටළුවක් බවත් මේ සඳහා සඳහා බලධාරීන්ගේ අවධානය යොමු විම පිළිබඳව කමිටුවේ දී විශේෂ අවදානයට යොමු විය.
ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන ද මෙයට සමගාමීව මෙම රැස්වීම පැවැත්විණි.
AP/DMU-Galle