නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරපුර ස්නානය කිරිමට සුදුසු තැන් පිළිසකර කෙරේ.

    ජූනි 08, 2016
    පානීය ජල මුලාශ්‍රයක් වන  තිසා වැවෙහි දිය නෑම තහනම් කිරීමත් සමග බැතිමතුන්ට ස්නානය කිරිම සදහා සුදුසු ස්ථාන  කිහිපයක් හදුනාගෙන පිළිසකර කිරීම පසුගිය දා ආරම්භ කෙරිණි.
    ඒ අනුව මිරිසවැටි දාගැබ හා රුවන් වැලි සෑය අතර ස්ථාපිත ඓතිහාසික පොකුණු තුන ශ්‍රද්ධ පවිත්‍ර කිරිම අරඹා ඇත. 
     
    අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ මුලිකත්වයෙන් , ආරම්භ කළ මෙම වැඩසටහනට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය ලබාදී තිබේ.  
     
    බැතිමතුන්ට ස්නානය සඳහා එම පොකුණු තුන ශ්‍රද්ධ පවිත්‍ර කිරීමට අමතරව බසවක්කුලම වැවේ නාන තොටුපල සංඛ්‍යාව වැඩිකිරීමටද කටයුතු යොදා ඇත.
     
    AP/DMU-Anuradhapura 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya