නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාරිසරික දිනය සැමරීම ගාල්ලේ දී

    ජූනි 02, 2016
    ජුනී 05  වැනි දිනට යෙදෙන ජාත්‍යන්තර පරිසර දිනය නිමිතිකොට ගෙන සංවිධානය කෙරුණූ ඝන අපද්‍රව්‍ය එකතු කරලීමේ වැඩසටහනක් අද දින ගාල්ල නගරයේදී පැවැත් විණි.
    ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ගාල්ල මහ නගර සභාව, ගාල්ල පොලීසිය,තාක්ෂණික විද්‍යාලය සහ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ පරිසර නියමු ඒකකය එකතුවෙන් මෙම වැඩසටහන පැවැත්විණි. 
     
    ජාත්‍යන්තර පරිසර දිනය 1974 වර්ෂයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර 2016 වර්ෂයේ එහි තේමාව ‘නීතිවිරෝධි වනජීවි වෘතීන්ට එරෙහිව සටන‘ යන තේමාවයි.
     
    ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්. ටී කොඩිකාර මහතාගේ උපදෙස් පරිදි ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. එස් සත්‍යානන්ද මහතා විසින් වැඩසටහන සංවිධානය කෙරිණි.
     
    ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටිය හ.
     
    AP/DMU-Galle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya