ඔලියමුල්ල ඇල කැළණි ගඟට ගලා යන්නේ මීගමුව ප‍්‍රධාන මාර්ගය හරහාය. නමුත් එම ස්ථානයෙහි ඇති සොරොව්ව අපද්‍රව්‍ය වලින් අවහිර වී තිබිණ. මේ හේතුවෙන් ඔලියමුල්ල ඇල අවට ප‍්‍රදේශයේ ගංවතුර සහ වැසි වතුර බැස යාමේ වේගය අඩු බව ප‍්‍රදේශවාසීහු පෙන්නා දුන්හ. ප‍්‍රදේශවාසීන් ඉල්ලා සිටියේ අපද්‍රව්‍ය ඉවත් කර සොරොව්ව විවෘත කරන ලෙසයි.
එම ඉල්ලීම සලකා බැලූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම සොරොව්ව නිරීක්ෂණයට පැමිණියේය. පසුව වාරිමාර්ග ඉංජිනේරුවන්ගේ සහායද ඇතිව සොරොව්ව විවෘත කිරීමට ප‍්‍රදේශවාසීන් පියවර ගත්තේය. ඔලියමුල්ල ඇලේ සොරොව්ව අවහිර වීමෙන් පීඩාවට පත් ඔලියමුල්ල, වැලිපාර, නවලෝක උද්‍යානය පුරයෙහි පදිංචි ප‍්‍රදේශවාසීන්ට දිවා ආහාරයද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පිරිනැමීය. කැළණිය, වත්තල, වේයන්ගොඩ, අත්තනගල්ල, කටාන, මීගමුව, බියගම මූලික කර ගනිමින් ගම්පහ දිස්ත‍්‍රික්කයෙහි අවතැන් වූවන් සඳහා සහන සැලසීමේ වැඩසටහනක්ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක වේ.
ඔලියමුල්ල ඇල කැළණි ගඟට ගලා යන්නේ මීගමුව ප‍්‍රධාන මාර්ගය හරහාය. නමුත් එම ස්ථානයෙහි ඇති සොරොව්ව අපද්‍රව්‍ය වලින් අවහිර වී තිබිණ. මේ හේතුවෙන් ඔලියමුල්ල ඇල අවට ප‍්‍රදේශයේ ගංවතුර සහ වැසි වතුර බැස යාමේ වේගය අඩු බව ප‍්‍රදේශවාසීහු පෙන්නා දුන්හ. ප‍්‍රදේශවාසීන් ඉල්ලා සිටියේ අපද්‍රව්‍ය ඉවත් කර සොරොව්ව විවෘත කරන ලෙසයි. එම ඉල්ලීම සලකා බැලූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එම සොරොව්ව නිරීක්ෂණයට පැමිණියේය.
පසුව වාරිමාර්ග ඉංජිනේරුවන්ගේ සහායද ඇතිව සොරොව්ව විවෘත කිරීමට ප‍්‍රදේශවාසීන් පියවර ගත්තේය. කැළණිය, වත්තල, වේයන්ගොඩ, අත්තනගල්ල, කටාන, මීගමුව, බියගම මූලික කර ගනිමින් ගම්පහ දිස්ත‍්‍රික්කයෙහි අවතැන් වූවන් සඳහා සහන සැලසීමේ වැඩසටහනක්ද අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක වේ.