විශේෂයෙන්ම කදු බෑවුම් ආශ්‍රිතව ජිවත්වන පිරිස් යම් කිසි අවදානම් තත්වයක් ඇත්නම් වහාම එම ස්ථානවලින් ඉවත්ව මහනුවර දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයට දැනුම් දෙන ලෙස මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සහකාර අධක්ෂ අයි.ඒ.කේ.රණවීර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මහනුවර දිස්ත්‍රික්කයේ ගගඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බෙරවිල කන්ද නාය යෑම හේතුවෙන් ගම්මාන දෙකක පවුල් පවුල් 195කට අයත් 800ක පිරිසක් කොටුවී සිටින අතර ඔවුන් මුදා ගැනීම සදහා ආපදා කළමනාකරණ එකකයේ මැදිහත්වීමෙන් යුද හමුදාව හා සහන සේවා කණ්ඩායම් එක්ව එම ප්‍රදේශයට ලගාවීම සදහා නව මාර්ගයක් ඉදිකරන බවත් ඒ මහතා පැවැසීය. එසේම එම පුද්ගලයින් වෙසෙන ගම්මාන නාය යෑමේ අවදානමක් පවතීද යන්න පිළිබදව මේ වන විටත් ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් පරික්ෂණයක් සිදුකරමින් පවතින බවද ඒ මහතා පැවැසීය.
ගම්පොල කුරුදුවත්ත මාර්ගය හා ගම්පොල දෙලොස්භාගේ මාර්ගය තැනින් තැන පස්කදු කඩාවැටීම හේතුවෙන් එම මාර්ග භාවිත කිරිමේදී අවදානම් සහිත තත්ත්වයක් මතුව තිබේ. එමෙන්ම නාවලපිටිය ගිනිගත්හේන මාර්ගයේ රඹුක්පිටිය ස්ථානයේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් මාර්ගය අවහිරව ඇත.
මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 470කට අයත් පුද්ගලයින් 1,810ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 25ක රදවා තිබේ. මේ අතරින් වැඩිම පිරිසක් අවතැන්ව ඇත්තේ උඩපළාත (ගම්පොල) ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයෙනි. ඔවුනට අවශ්‍ය පහසුකම් සැපැයීමටත් ආපදාවන්ට ලක්වුවන් ඉන් මුදවාගැනීමටත් දිස්ත්‍රික් ලේකම් එච්.එම්.පී හිටිසේකර මහතාගේ උපදෙස් පරිදි දිස්ත්‍රික්කයේ සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන්, යුද හමුදාව හා සහන සේවා කණ්ඩයම් එක්ව කටයුතු කරමින් සිටින බවත් සහකාර අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
AP/DMU-Kandy