නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාය යාම් පිළිබඳ අනතුරු ඇඟවීම් පිළිපදින්න

    මැයි 19, 2016

    තමන් ඉන්නා භූමියේ නාය යාම් ලක්ෂණ පෙන්නුම් කරයි නම් හැකි ඉක්මණින් එම ස්ථානවලින් ඉවත් වන ලෙසත් ඒ සම්බන්ධයෙන් ලබා දෙන සියලු ම උපදෙස් පිළිපදින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නාය යාමේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා ජනතාවට දැනුම් දෙයි.


    ඒ මහතා මේ බව සඳහන් කළේ අද (19) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

    ඊයේ(18) දහවල් 12ට නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීම් අලුත් කළ බවත් නාය යාමේ සිද්ධි වැඩි ම ප්‍රමාණයක් වාර්තා වූයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වන අතර ස්ථාන 84ක එම සිද්ධි වාර්තා වූ බවත් ඒ මහතා සඳහන් කළේය.

    මාතලේ 07ක්, මහනුවර 36ක්, බදුල්ල 11ක්, රත්නපුර 24ක් සහ කළුතර 08ක් වශයෙන් නාය යාම් සිද්ධි මේ වන විට වාර්තා වී ඇත. පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නාය යාමේ දී කඳුකරයේ බටහිර බෑවුමට කරන බලපෑම වැඩි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya