නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයට ජපාන රජයෙන් මිලියන 2100ක ප්‍රදානයක්

    මැයි 19, 2016
    යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ පර්යේෂණ හා පුහුණු ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා ජපන් රජය මගින් රුපියල් මිලියන 2100ක් ලබා දීමට අදාළ ගිවිසුම් අත්සන් තැබේ. කිලිනොච්චියේ පිහිටි මෙම පීඨය සඳහා අංග සම්පූර්ණ පහසුකම්වලින් සමන්විත ගොඩනැගිලි දෙකක් මේ යටතේ ඉදිකෙරේ. මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ඊට අත්සන් තැබූ අතර ජපාන රජය වෙනුවෙන් අත්සන් තැබුවේ එරට ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ප්‍රධාන නියෝජිත කියෝෂි අමඩා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමා යන මහත්වරුන් ය.
     
    මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් යන මහත්වරු ද එක් ව සිටියහ. 

     
    ගිවිසුම් අත්සන් තැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා, “අද ජපාන රජය ශ්‍රී ලංකාව කෙරෙහි වැඩි විශ්වාසයක් තබා මෙවැනි ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර තිබීම සම්බන්ධයෙන් අපි සතුට පළ කරනවා. ජපානය ලබා දුන් මේ ප්‍රදානය මේ රටේ අනාගත කෘෂිකර්මාන්තයේ අභියෝගයන් ජය ගැනීමට ඉමහත් සහයක් ඇති කරනවා. මෙම ප්‍රදානයන් උපරිම ඵලදායීතාවෙන් ප්‍රයෝජනයට ගැනීමට අපි සූදානම්.”

     
    මේ අතර පවතින වැසි සහිත කාලගුණ  තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවගේ සහන කටයුතු සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් පළ කළේ ය. “මේ වන විට අපි ආපදා සහන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 300ක පමණ මුදලක් වැය කරල තියෙනවා. එය මීට පෙර අවස්ථාවන්ට වඩා හය ගුණයක් විතර මුදලක්. ඊට අමතරව විවිධ රටවල්වලින් ආධාර උපකාර ලැබීම මේ වන විට ආරම්භ වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඉකුත් අයවැය මගින් අපි යෝජනා කළ විශේෂ රක්ෂණ ක්‍රමය නිසා පීඩාවට පත් ජනතාව වෙත කඩිනම් සහන සැලසීමට අපට හැකි වෙලා තියෙනවා. ජනතාවට හැකි උපරිම සහන සලසන්න අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තියෙනවා.”  යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

     
    මෙම අවස්ථාවට යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනී ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වී. අරසරත්නම්, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත රත්නායක යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya